ඇසළ පොහොය දිනයේ වැදගත්කම by nalin10

View this thread on steempeak.com
· @nalin10 ·
$0.85
ඇසළ පොහොය දිනයේ වැදගත්කම
කොහොමද මිතුරනි ,
සියලුදෙනාම හොඳින් ඇති කියා හිතනවා.

මම අද ලියන්නට යන්නේ. සිංහල බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් දවසක් වන ඇසළ පොහොය ගැන බිඳක් පැවසීමටය.


![Screenshot_20210723-074954_Chrome.jpg](https://cdn.steemitimages.com/DQmaWXLwZX53zR2tQgusuNKkRDg3kocM5NZ3qZwtzKMa9SC/Screenshot_20210723-074954_Chrome.jpg)[source](https://cdn.steemitimages.com/DQmaWXLwZX53zR2tQgusuNKkRDg3kocM5NZ3qZwtzKMa9SC/Screenshot_20210723-074954_Chrome.jpg)

ඇසළ මස පුර පසළොස්වක පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් කාරනා කිහිපයක්ම සිදුවී තිබෙනවා. 

1, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොවට වැඩම කරවීම එනම් තුසිත දෙව්ලොව සිට පස්මහ බැලුම් බලා මහමායා බිසවගේ කුසෙහි පිලිසිද ගත්තේ අද වගේ ඇසළ පොහොය දිනකදීය.

2, අප බෝසතානන් වහන්සේ සතරපෙර නිමිති දැක ගිහිගෙය කලකිරීම ඇතිවී ගිහිගෙයින් නික්මී පැවදී වූයේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

3, අප බෝසතානන් වහන්සේගේ හා යශෝදරා දේවිය ගේ පුත් රුවණ වන රාහුල කුමරුන් මෙලොවට බිහිවුනේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

4, අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සාක්ශාත් කලායැයි  ප්‍රතම වරට පවසා වදාළේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

5, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනාව වදාළේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

6, ,බුද්ධශාසනයේ ප්‍රතම ආර්‍ය මහා සංඝ රත්නය බිහිවුනේ අදවගේ ඇසළ පොහොය දිනයකදී ය.

7, බුද්ධ සාසනයේ ප්‍රතම වරට ධර්මය අවබෝධ කල ශ්‍රාවකයන් වහන්සේ බිහිවුනේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

8, තීර්තකයන්ගේ මානය බිඳ දමනු පිනිස ගන්ධබ්භ රුක් මූල යමහමහ පෙරහර පෑවේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

9, අප ගෞතම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩමකොට මාතෲ දිව්‍ය පුත්‍රයා ඇතුලු දෙවියන් හට අභිධර්මය දේශනා කරන ලද්දේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය..

10, අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු කාස්සප මහ රහතන්වහන්සෙ මූලිකත්වයෙන් ප්‍රතම ධර්ම සංගායනාව පැවැත්වූයේ අදවගෙ ඇසළ පොහොය දිනයකදී ය.

11, බුද්ධ පරිනිර්වාණයෙන් වසර 382 පසු දුටුගැමුණු මහා රජතුමා විසින් ස්වණමාලී මහ සෑ රජුන් ඉදිකිරීමට මුල්ගල් තැබීම සිදුවූයේ අද වගේ ඇසළ පොහොය දිනයකදී ය.

මේ මා සඳහන් කලේ ඇසළ පොහොය බෞද්ධ ජනතාව හට වැදගත්වන හේතූන්ගෙන් කිහිපයක් පමණි. ඔබ සියලු දෙනාහට තෙරුවන් සරණයි !
👍  , , , ,
properties (23)
post_id92,782,338
authornalin10
permlink3wz2q6
categoryhive-102306
json_metadata{"tags":["steemexclusive","srilanka","steemit"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmaWXLwZX53zR2tQgusuNKkRDg3kocM5NZ3qZwtzKMa9SC\/Screenshot_20210723-074954_Chrome.jpg"],"links":["https:\/\/cdn.steemitimages.com\/DQmaWXLwZX53zR2tQgusuNKkRDg3kocM5NZ3qZwtzKMa9SC\/Screenshot_20210723-074954_Chrome.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-07-23 03:25:06
last_update2021-07-23 03:25:06
depth0
children0
net_rshares1,796,467,178,052
last_payout2021-07-30 03:25:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.425 SBD
curator_payout_value0.425 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length1,962
author_reputation5,037,583,087,120
root_title"ඇසළ පොහොය දිනයේ වැදගත්කම"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (5)