චූටික්කිට තෑග්ගක් by roshipeiris

View this thread on steempeak.com
· @roshipeiris · (edited)
$2.58
චූටික්කිට තෑග්ගක්
<div class="text-justify">

![IMG_20210801_010059.jpg](https://cdn.steemitimages.com/DQmNUivxPg6KdScd8QA3vzRPBMx9wuCw3b2MCt7YM6SPWpc/IMG_20210801_010059.jpg)


අපේ ගෙදරත් ඉන්නවනේ චූටියෙක්. චූටියෙක් කිව්වට එයා දඟ මල්ලක්. චූටි බබෙක් දවසින් දවස ලොකුවෙන හැටි මම දැක්කෙ එයාගෙන්. මොකද ඉපදුන දවසෙ ඉඳල ම එයා ඉන්නෙ මං ලග.  නමින් තිසිනි උනාට නම කියල කතා කරල වැඩක් නෑ. මොකද එයා ප්‍රතිචාර දක්වන්නේ අපි එයාට කියන චූටික්කි, බෝනික්කි, ටික්බෝලේ , පැංචී වගේ හුරතල් නම් වලට විතරයි .😁

එයා දැන් මගේ හෙවනැල්ල වගේ. කොයි වෙලෙත් මගෙ පස්සෙමයි. විශේෂයෙන්ම අත්වැඩ වලට පුදුම කැමැත්තක් තියෙන්නෙ. මම box , මල් හදනකොට එයාට අනිවාර්යයෙන් ම එතන ඉන්න ඕන. එයාට හොරෙන් මොනව හරි හදල තියෙනව දැක්කොත් මම ගුටිකාල ඉවරයක් නෑ ඉතින්🙉. ඒ වගේමයි ඒ අදාල box වල අයිතිකාරයන් ගැන එයාට හොඳ අවබෝධයක් තියෙන්නෙ. විශේෂයෙන්ම මගේ යාලුවන්ට whatsap voice message යවන්න පුදුම උනන්දුවක් තියෙන්නෙ😁..

<div class="pull-right">https://cdn.steemitimages.com/DQmXJvYPndkpr115wj6zhkHod8vr618tRcfyr12fsZnm9tf/IMG_20210715_202315.jpg </div>

මම crafting කරන වෙලාවට චූටියා නිතරම අහන්නේ " පුංචො මට තෑග්ගක් නැද්ද...🥺" කියල. හැමදාම එයාට වෙනම චොකොලට් ගෙනත් දුන්නත් තෑග්ගක සිහියෙන්මයි ඉන්නේ. එයාගෙ උපන්දිනේ ඔක්තෝබර් මාසයේ . මම හිතන් හිටියෙ විශේෂ දෙයක් කරන්න. ඒත් ඉතින් කලින් පොඩි තෑග්ගක් දෙන්නත් මට හිතුනා. පොඩි surprise එකක්. 😋


ඒ නිසාම  online ළමා කතා පොත් ටිකක් මම ඇනවුම් කරේ දැන් දවස් කීපයකට කලින්. තාම අවුරුදු 4 ක පොඩි බබෙක්නෙ එයා. අකුරු කියවන්න බැරි උනත් පොත් වලට හරිම කැමති. ඉතින් මම හිතුවා එයාට පොඩි පුස්තකාලයක් හදලා දෙන්න. ඒකෙ පලවෙනි පියවරට මම මේ පොත් ටික ගෙන්න ගත්තා.

<div class="pull-left">https://cdn.steemitimages.com/DQmc9X7wpaSjRZbE7W7TrfLc4ZfVpubcyLW69nd4NDevcZi/IMG_20210731_105212.jpg </div>

<div class="pull-right">https://cdn.steemitimages.com/DQmSBRdWNCvwe5QEKh5pCYRs5WrR5wJC1JCUjEbDGZAvmuZ/IMG_20210801_010047.jpg</div>

![IMG_20210801_003315.jpg](https://cdn.steemitimages.com/DQmaLPG4hc4m27rVkMZvivTEf6kHJGDbwdf4su13PPf7r4y/IMG_20210801_003315.jpg)

හැමදාම අනිත් අයගේ තෑගි දැකල තියෙන නිසා එයාට විතරක් අඩුවක් කරන්නත් බෑනෙ. ඉතින් ලස්සනට පෙට්ටියක් හදලා චොකොලට් ටිකකුත් දැම්ම. එයාට තේරෙන භාෂාවෙන් පොඩි කොලයකුත් තියලා තෑග්ග ගෙනිහින් දුන්නා.
![IMG_20210731_132031.jpg](https://cdn.steemitimages.com/DQmZoz4pgA3HrfvKqQCUXhcgW5nsMByQF5vcxLzp1KKDmDf/IMG_20210731_132031.jpg)

තෑග්ග ලැබුනම නම් එයාගෙ සතුට ගැන කියන්න වචන නැති තරම්. ඒ වෙලාවෙ 
 පින්තූරයක් ගන්න හිතාගෙන හිටියත් එයාට පින්තූර ගන්න අවශ්‍යතාවයක් නම් තිබුනෙ නෑ. පොත් ටික දැක්කම එයාට ලෝකෙම ලැබුනා වගේ. ඊටත් වඩා සතුටු චොකලට් ටික දැක්කම🙈.



පොඩ්ඩොන්ගෙ සතුට කියන්නෙ අපෙත් සතුට.එයාලගෙ එක හිනාවකට පුළුවන් අපේ හැම ප්‍රශ්නයක් ම අමතක කරවන්න. ඉතින් ඒ හිනාව දකින්න තමයි හැම දෙයක්ම කරන්නෙ.  පුංචි කෙනෙක් විදියට මම හරිම වාසනාවන්තයි. මොකද පොඩ්ඩො 5කගේ ආදරේ නොඅඩුව ලැබෙනවා. ඒත් ඉතින් මගේ පස්සෙන්ම නම් ඉන්නෙ මේ දඟමල්ල තමයි. කවද හරි දවසක එයාට මේ දෙන පොත් ටික ඉතුරු වෙයි. එදාට ඒ පොත් වලින් ඉගෙන ගත්ත එක දේකින් හරි එයාගෙ ජීවිතෙත් ලස්සන වේවි.

</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 31 others
properties (23)
post_id92,962,415
authorroshipeiris
permlink3jsqyw
categoryhive-133716
json_metadata{"tags":["sl-charity","sl-charity05pc","srilanka"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmNUivxPg6KdScd8QA3vzRPBMx9wuCw3b2MCt7YM6SPWpc\/IMG_20210801_010059.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmXJvYPndkpr115wj6zhkHod8vr618tRcfyr12fsZnm9tf\/IMG_20210715_202315.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmc9X7wpaSjRZbE7W7TrfLc4ZfVpubcyLW69nd4NDevcZi\/IMG_20210731_105212.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmSBRdWNCvwe5QEKh5pCYRs5WrR5wJC1JCUjEbDGZAvmuZ\/IMG_20210801_010047.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmaLPG4hc4m27rVkMZvivTEf6kHJGDbwdf4su13PPf7r4y\/IMG_20210801_003315.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmZoz4pgA3HrfvKqQCUXhcgW5nsMByQF5vcxLzp1KKDmDf\/IMG_20210731_132031.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-07-31 19:43:45
last_update2021-07-31 19:48:57
depth0
children14
net_rshares4,356,145,086,017
last_payout2021-08-07 19:43:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value1.263 SBD
curator_payout_value1.316 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,830
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (95)
@imanthadd ·
> පොඩ්ඩොන්ගෙ සතුට කියන්නෙ අපෙත් සතුට
>

ඇත්ත කතාව. එයාල සතුටු වෙද්දි අපටත් මාර සතුටක් දැනෙන්නේ💯
properties (22)
post_id92,968,560
authorimanthadd
permlinkqx54oi
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 03:07:33
last_update2021-08-01 03:07:33
depth1
children1
net_rshares0
last_payout2021-08-08 03:07:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length95
author_reputation61,188,057,575,182
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
ඔව් ගොඩක්. හිතට පුදුම සහනයක් දැනෙන්නේ. ☺️❤️
properties (22)
post_id92,992,975
authorroshipeiris
permlinkqx7ey3
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 08:44:30
last_update2021-08-02 08:44:30
depth2
children0
net_rshares0
last_payout2021-08-09 08:44:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length43
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@anupama ·
බලන් ගියාම හැම බබෙක්ම හිතන්නෙ එකම විදිහට.. ❤️ ලොකු උනාම තමයි එකේක දේවල් ඔලුවට ආවම වෙනස් වෙන්නෙ..
👍  
properties (23)
post_id92,969,403
authoranupama
permlinkqx574i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 04:05:36
last_update2021-08-01 04:05:36
depth1
children1
net_rshares32,383,549,536
last_payout2021-08-08 04:05:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length96
author_reputation9,648,158,833,183
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@roshipeiris ·
මටත් ඔයාගේ පෝස්ට් කියෙව්වම ඒක හිතුනා. පොඩ්ඩො හැමෝම හිතන්නෙ එක විදියට .එයාල වෙනස් වෙන්නෙ ලොකු අය හැසිරෙන හිතන විදිය අනුව.
properties (22)
post_id92,992,981
authorroshipeiris
permlinkqx7ezf
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 08:45:18
last_update2021-08-02 08:45:18
depth2
children0
net_rshares0
last_payout2021-08-09 08:45:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length120
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sasanka96 ·
>විශේෂයෙන්ම මගේ යාලුවන්ට whatsap voice message යවන්න පුදුම උනන්දුවක් තියෙන්නෙ😁..

😁😁😁😁

>ඉතින් මම හිතුවා එයාට පොඩි පුස්තකාලයක් හදලා දෙන්න.



 එයා ලොකු වෙනකොට එයාට ලස්සන පුස්තකාලයක් අපි හදල දෙමු
properties (22)
post_id92,971,979
authorsasanka96
permlinkqx5gkc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 07:24:12
last_update2021-08-01 07:24:12
depth1
children1
net_rshares0
last_payout2021-08-08 07:24:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length194
author_reputation10,578,995,793,512
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
ඔව් ඔව්. Book corner එකක් හදල දෙන්න ඕන.
properties (22)
post_id92,992,987
authorroshipeiris
permlinkqx7f01
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 08:45:39
last_update2021-08-02 08:45:39
depth2
children0
net_rshares0
last_payout2021-08-09 08:45:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length39
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Me kaalaya thama eyalage hith walata honda dewal lebenna oni kaalaya... Eyala aluth dewal walata kemethi..

>ඉතින් මම හිතුවා එයාට පොඩි පුස්තකාලයක් හදලා දෙන්න

Godaak watina deyak....
properties (22)
post_id92,976,777
authorsaman88
permlinkqx5xfa
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 13:28:24
last_update2021-08-01 13:28:24
depth1
children1
net_rshares0
last_payout2021-08-08 13:28:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length182
author_reputation18,057,876,007,767
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
ඔව් අයියේ. එයාලව දැන්ම හොද දේවල් වලට පුරුදු කලාම බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම ඒක අනාගතයට ඒක ලොකු ආයෝජනයක් වෙයි
properties (22)
post_id92,993,002
authorroshipeiris
permlinkqx7f1t
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 08:46:42
last_update2021-08-02 08:46:42
depth2
children0
net_rshares0
last_payout2021-08-09 08:46:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length107
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
>ඊටත් වඩා සතුටු චොකලට් ටික දැක්කම🙈.

චොකලට් දැක්කාම පොත් ටික අමතක වෙන්න ඇති 🤭
properties (22)
post_id92,989,343
authorchathux
permlinkqx72t4
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 04:22:18
last_update2021-08-02 04:22:18
depth1
children1
net_rshares0
last_payout2021-08-09 04:22:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length77
author_reputation27,122,725,793,320
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
අපොයි ඔව්. ඒත් දැන් නම් නිදාගන්න යන්නෙත් පොත් ටික ඇඳට අරගෙන. කිය්වන්න තේරෙන්නෙ නැති උනාට ආසයි පින්තූර බලන්න
properties (22)
post_id92,993,008
authorroshipeiris
permlinkqx7f32
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 08:47:27
last_update2021-08-02 08:47:27
depth2
children0
net_rshares0
last_payout2021-08-09 08:47:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length107
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@anusha96 ·
අපි දන්නවනේ ඉතින් මුතු පුංචි එයාලට කොච්චර ආදරේද කියලා. එයත් ලොකු උනාම ඔයා වගේ ලස්සන ක්‍රාෆ්ට් කරාවි කියලා මට හිතෙනවා. 😍❤
properties (22)
post_id92,995,246
authoranusha96
permlinkqx7m24
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 11:18:09
last_update2021-08-02 11:18:09
depth1
children1
net_rshares0
last_payout2021-08-09 11:18:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length120
author_reputation40,842,386,526,745
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
🙈🙈අනේ ඔව් අනූ. එයා මාර කැමතියි ක්‍රාෆ්ට් වලට. හදන්න බැරි උනාට බලන් ඉන්නවා. ❤️
properties (22)
post_id93,047,201
authorroshipeiris
permlinkqxc0a9
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-04 20:15:48
last_update2021-08-04 20:15:48
depth2
children0
net_rshares0
last_payout2021-08-11 20:15:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length77
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
ඔයත් මගේ වර්ගෙම කෙනෙක්. මං එහෙම කියන්නෙ ඔයා මේ ලියලා තියෙන දේවල් මට දැනෙනෙත් ඒ විදියට හින්දා. කොච්චර ලස්සන ආදරේ හිතෙන පුංචි කෙනෙක් ද ඔයා. චූටික්කිගෙ පුංචි කාලෙ ලස්සන කරපු සුරංගනාවි ඔයා කියලත් සමහර විට එයා ලොකු වුණාම හිතෙයි. 💛
properties (22)
post_id92,997,652
authorprasadi
permlinkqx7si7
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 13:37:24
last_update2021-08-02 13:37:24
depth1
children1
net_rshares0
last_payout2021-08-09 13:37:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length225
author_reputation108,254,122,608,686
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
අනේ❤️❤️. ඇත්තටම එයා අම්ම තරමටම මට ආදරෙයි . ඉපදුන දවසෙ ඉදලම මම ලග හිටිය නිසා වෙන්නැති.ඒ ආදරේ වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ
properties (22)
post_id93,047,220
authorroshipeiris
permlinkqxc0ck
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-04 20:17:09
last_update2021-08-04 20:17:09
depth2
children0
net_rshares0
last_payout2021-08-11 20:17:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length119
author_reputation36,494,063,401,759
root_title"චූටික්කිට තෑග්ගක්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000